රාජකාරිය
නගරසභාවේ සේවකයන් දෙදෙනෙක් ඉතා මහන්සියෙන් පාර අයිනේ වැඩක යෙදෙමින් සිටී. එක් අයෙක් ගැඹුරු වලක් කපා ඉවත්ව යනතුරු සිට අනෙකා එම වල වසා දමයි. අනෙකා නැවත වලක් හෑරූ විගස අනෙකා නැවත වල වසා දමයි. අසල කාර්යාලයක ජනේලයෙන් මේ දෙස බලා සිටි පුද්ගලයෙක්......
"මේ ඔහේල දෙන්න දිහා මම සෑහෙන වෙලාවක ඉඳන් බලාගෙන හිටියේ... තමුසෙල දෙන්න පුදුම උනන්දුවක් තියෙන අවංකව වැඩ කරන මිනිස්සු දෙන්නෙක්. ඒ... එත් මට තේරෙන්නේ නැහ තමුසේ වලවල් කපන්නේ ඇයි ? අනෙකා ඒවා වහන්නේ ඇයි කියලා...."
සේවකයා - "අයියෝ... ස..ර්. ඒකවත් තේරෙන්නේ නැද්ද? අපි මේ පැල හිටෝනවා."
පැල හිටෝනවා! කෝ අයිසේ පැල ?
සේවකයා - පැල හිටෝන එක්කෙනා අද නිවාඩු. ඉතිං අපි අපේ අපේ රාජකාරිය කරනවා
ජීවිතය
"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ"
දොස්තර - "එතකොට අරක්කු එහෙම"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"
පිය උරුමය
තම පියා සමග ජීවත්වූ ජැක් පියාගේ අවෑමෙන් තමන්ට උරුම වෙන වස්තුව ලැබුන පසු ලස්සන බිරිඳක් සමග සිය ජීවතය ගතකරන අයුරු සිහින මවමින් කාලය ගෙව්වේය. දිනක් ඔහුට ඉතා පියකරු ලඳක් මුණ ගැසුනි. ව්‍යංගයෙන් ඇයට තම අදහස පලකරන්නට සිතූ ජැක්..
ජැක් - මේ බලන්න, මම මේ වාගේ හිටියට තව අවුරුදු දහයකින් පහලවකින් කෝටි පතියෙක්
ලඳ - ඒ කොහොමද ?
ජැක් - මගෙ අම්ම නැතිවෙලා. මගේ තාත්තා මැරුන පසු ඔහුගේ කෝටි ගානක වස්තුව අයිති වෙන එකම පුතා මම. ඔයාට ඒ වස්තුවෙන් කොටසක් අයිති කරගන්න පුළුවන්.
ලඳ - ඒ කොහොමද?
ජැක් - හිතන්නකෝ..... කියමින් ඔහුගේ විස්තර සහිත කාඩ් පතක් ඇයට දුනි
සති කීපයකට පසු ජැක්ට ඇයගෙක් ලිපියක් ලැබුණි
“ කරුනාවන්ත ජැක්...
ඔයා මේ ලියුම දැකලා හුඟක් සතුටුවෙයි. මම ඔයා කිව් කාරනාව ගැන සෑහෙන්න හිතුවා. තාත්තත් නැති මට ඔයාගේ වස්තුවෙන් කොටසක් අයිති කර ගන්නේ කොහොමද කියලා. අන්තිමට මම මගේ අම්මත් එක්ක කථා කල ඒ ගැන. ඔයාගේ තාත්තත් එක්කත් කථා කලා ඒ ගැන. දෙයියෝ මගේ මූන බැලුවා ජැක්. ඔයාගේ වස්තුවෙන් මට කොටසක් අයිති වෙන්නයි යන්නේ. ලබන සතියේ අපේ අම්මා ඔයාගේ තාත්තව කසාද බඳිනවා.”
ගොවියා සහ බැටලුවෝ
එක් ගොවි මහතෙක් සිය බැටළු ගාලෙහි නිසි වයසට පත් දෙනුන් ගැබ්බර කිරීම පිළිබඳව පශු වෛද්‍ය වරයාගෙන් විමසීය. කෘතීම සිංචනය මගින් එය සිදු කල හැකි බවත්, ගැබ්වර වූ පසු දෙනුන් නිතර වැතිර සිටින බවත්, තමන්ට එය ඉටුකර දිය හැකි බවත් වෛද්‍යවරයා පැවසීය. කෘතීම සිංචනය පිළිබඳව කිසිත් නොදත් ගොවියා වෛද්‍යවරයා කී දෙය වරදවා තේරුම් ගෙන නිවසට ගියේය.
දෙන්නු ටික මගෙ නම් කාටවත් මොකටද සල්ලි ගෙවන්නේ මමම ඒ වැඩය කරගන්නවායි සිතූ ගොවියා පසුදින බිරිඳටද නොකියා බැටළු දෙනුන් ටික සිය ලොරියේ පටවාගෙන කැලයට ගෙන ගොස් පිළිවෙලින් අහවල් කාර්යය නිම කෙරීය. පසුදින දෙන්නු වැති සිටීදැයි බැලීමට ගාලට ගිය කල ඔවුන් සියළු දෙනම නැගිට සිටිනු දුටු ඔහු නැවත දෙන්නු ටික ලොරියේ පටවාගෙන නැවත කැලට ගෙනගොස් දෙවරක් බැගින් සිය කාර්යය නිම කර නිවසට පැමිණියේය. පසුදිනද ගාලට යනවිට දෙනුන් නැගී සිටිනු දුටු ඔහු, නැවත දෙනුන් සියලු දෙනා ලොරියේ පටවා ගෙන ගොස් හවස් වන තුරුම පිළිවෙලින් සිය කාර්යය ඉටු කර නිවසට ගියේය.
නැගීසිටීමට අපහසු තරමට පවා විඩාපත්වී සිටි ගොවියා පසුදින සිය බිරිඳ කැඳවා ගාලට ගොස් බැටළු දෙනුන් නිදා සිටීදැයි විපරම් කර තමාට පවසන මෙන් කීය. ගාල වෙත ගිය බිරිඳ ගොවියා වෙත පැමිණ ....
“උන් ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා”
No comments:
Post a Comment